දිඹුලාගල නායක හාමුදුරුවන් වහන්සේ
මාතර, කිතලගමුව ග්‍රාමයේ දී උපත ලබා පසුව කිතලගමුවේ ශ්‍රී සීලාලංකාර නමින් උතුම් වූ සම්බුද්ධ ශාසනයට ඇතුලු වී සම්බුද්ධ ශාසනය සහ සිංහල ජාතිය වෙනුවෙන් ඉමහත් මෙහෙවරක් සිදු කළ දිඹුලාගල නාහිමියන් පිළිබඳව පසු ගිය දා සිදු කළ ගවේෂණයකින් පස්සෙ මේක ලියන්න තීරණය කළා. ජාතික වශයෙන් හා ආගමික වශයෙන්, පොළොන්නරුව, දිඹුලාගල හා අවට ප්‍රදේශ වල ආර්ථිකමය වශයෙන්, අධ්‍යාපනික වශයෙන් මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට, කෘෂි හා වාරි කර්මාන්තයට උන්වහන්සේ දක්වා ඇති දායකත්වය අසමසමයි මේ උන් වහන්සේට එවකට ලබා දී තිබූ ගෞරවාන්විත ලිපියකින් උපුටා ගනු ලැබූ කොටසක් "උතුරු-නැගෙනහිර සහ තමන්කඩු දෙදිසාවේ ජනපද ව්‍යාපාරයේ පුරෝගාමී, දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති, දිඹුලාගල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති, දිඹුලාගල බුද්ධ ශ්‍රාවක මහා සංඝ සභාවේ ගරු සභාපති, දිඹුලාගල මහා කාෂ්‍යප මහා පිරිවෙණ් අධ්‍යක්ෂක, පොළොන්නරුව විනය හා සුචරිත අධ්‍යාපන මණ්ඩලයේ උපදේශක, දිඹුලාගල ආරණ්‍ය සංවර්ධන සමිතියේ ගරු සභාපති, ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති, සිංහල සංවර්ධන සංවිධානයේ දිඹුලාගල ශාඛාවේ සභාපති, ධර්ම විජය පදනමේ දිඹුලාගල ශාඛාවේ අනුශාසක, ග්‍රාම සංවර්ධන සමිතියේ ගර...