How To Calculate The Water Absorption Of A Brick - Part 02 - Construction Materials


N.C.T. CIVIL ENGINEERING (NVQ LEVEL 5)

CONSTRUCTION MATERIALS (SEMESTER 1)



සරලවම.......

සිංහල පැහැදිලි කිරීමක් එක්ක.......




What are the bricks that are suitable for construction progress?




A
B
C
D
E
F
G
H
I
J
K
L
W2
3.0
4.5
1.1
1.7
7.4
2.7
2.8
4.4
5.0
3.2
3.4
7.0
W1
2.5
2.6
0.9
1.5
6.9
2.3
1.7
3.9
4.5
2.8
3.0
6.0


All the weights are given in 'kg'

W1 - Dry weight

W2 - Wet weight


මේ ගාන දීලා මං ඔයාලට කිව්වා ⁣ගඩොල් ගැන මං දුන්න නෝට් එක සම්පූර්ණයෙන්ම මුල ඉඳලා කියවන්න කියලා. එහෙම උනන්දුවෙන්, අවධානයෙන් කියෙව්වා නම් ඔයාලට වැදගත් කරුණු කීපයක් හම්බ වෙනවා. ඔයාලට මං දුන්නා හොඳ තත්ත්වයේ තියෙන ගඩොලක ලක්ෂන යටතේ ගඩොලක බර කොච්චරක් වෙන්න ඕනෙද කියලා. හොඳ තත්ත්වයක තියෙන ගඩොලක බර 2kg ත් 3kg ත් අතර වෙන්න ඕනෙ. ඔයාලා ඒ ගැන අවාධානය යොමු කළා නම් මේ ගාන හදන්න ගොඩක් ලේසීයී. මුලින්ම මෙතන දීලා තියෙන ගඩොල් 10 ම වියළි බර සැලකුවාම 2kg ට වඩා බර අඩු සහ 3kg ට වඩා බර වැඩි ගඩොල් අයින් කරන්න පුලුවන්





A
B
C
D
E
F
G
H
I
J
K
L
W2
3.0
4.5
1.1
1.7
7.4
2.7
2.8
4.4
5.0
3.2
3.4
7.0
W1
2.5
2.6
0.9
1.5
6.9
2.3
1.7
3.9
4.5
2.8
3.0
6.0




ඒ ගඩොල් ඉවත් කළාම අපිට ඉතුරු වෙනවා A, B, F, J සහ K ගඩොල්. ඊට පස්සෙ මේ විදිහට සමීකරණයට දාලා ජලය උරා ගැනීමේ ප්‍රතිශත හොයා ගන්නවා



A = (3.0-2.5) / 2.5 = 20%
B = (4.5-2.6) / 2.6 = 73%
F = (2.7-2.3) / 2.3 = 17.4%
J = (3.2-2.8) / 2.8 = 14.3%
K = (3.4-3.0) / 3.0 = 13.3%

මං කිව්වා හොඳ තත්ත්වයේ පවතින ගඩොලක ජලය උරා ගැනීමේ ප්‍රතිශතය 12% ත් 20 ත් අතර වෙන්න ඕනෙ කියලා. එතකොට B කියන ගඩොල ඉවත් කරන්න වෙනවා ජලය උරා ගැනීමේ ප්‍රතිශතය 73% ක් නිසා


A, F, K සහ L ගඩොල් විතරයි පාවිච්චි කරන සුදුසු





හොඳට මතක තියා ගන්න මේ කරුණත්. ගඩොල් වර්ගීකරණය යටතේ අපි කතා කරනවා පළමු පන්තියේ ගඩොල්, දෙවන පන්තියේ ගඩොල් කියලා පන්ති කිහිපයකට අයත් ගඩොල්. මේ ගඩොල් වල ජලය උරා ගැනීමේ ප්‍රතිශත වෙනස්. ඒ වගේම hand made bricks සහ manual made bricks කියල අපි වර්ගීකරණය කරනවා නිෂ්පාදනය කරන ආකාරය අනූව. එතනදි අතින් නිෂ්පාදනය කරන ගඩොලක ජලය උරා ගැනීමේ ප්‍රතිශතය 35% ක් වගේ අගයකට යන්න පුලුවන්. යන්ත්‍ර මඟින නිෂ්පාදනය කරන ගඩොල් වල ඒ අගය 20% ක් වගේ අගයක තියෙන්න ඕනෙ. ඒ හින්දා අපි මේ වගේ ගානක් හදනකොට ඒ හැම කරුණක්ම සලකන්නෙ නෑ. එතකොට සාමාන්‍යයෙන් අපි ගඩොලක ජලය උරා ගැනීමේ ප්‍රතිශතය 12% ත් 20% ත් අතර කියල තමයි ගන්නෙ



Lecture Notes Presented And Posted By Ashain Sudeepa (Admin)

Comments

Popular posts from this blog

CONCRETE - Part 2 - Construction Materials

කවුඩාගල - ගිහින් බලන්න ඕනෙම තැනක්

දිඹුලාගල නායක හාමුදුරුවන් වහන්සේ