SANITATION - Part 1 - Water Suppply And Sanitation
N.C.T. CIVIL ENGINEERING (NVQ LEVEL 5)
WATER SUPPLY AND SANITATION (SEMESTER 02)
සරලවම.......
සිංහල පැහැදිලි කිරීමක් එක්ක.......
SANITATION
Sanitation refers to public health conditions related to clean drinking water and adequate treatment and disposal of human excreta and sewage. Sanitation systems aim to protect health of human by providing a clean environment that will stop the transmission of some diseases, specially through the fecal-oral route
What World Health Organization Says About Sanitation
"Sanitation refers to the provision of facilities and
services for the safe management of human excreta from the toilet to
containment and storage and treatment onsite or conveyance, treatment and
eventual safe end use or disposal. More broadly sanitation also included the
safe management of solid waste and animal waste. Inadequate sanitation is a
major cause of infectious diseases such as cholera, typhoid and dysentery
world-wide. It also contributes to stunting and impaired cognitive function and
impacts on well-being through school attendance, anxiety and safety with
lifelong consequences, especially for women and girls. Improving sanitation in
households, health facilities and schools underpins progress on a wide range of
health and economic development issues including universal health coverage and
combatting antimicrobial resistance"
Definition Of WHO On The Word 'Sanitation'
Sanitation generally refers to the provision of facilities
and services for the safe disposal of human urine and feces. The word
'sanitation' also refers to the maintenance of hygienic conditions, through
services such as garbage collection and wastewater disposal
Diseases That Can Be Caused Due To Low Levels Of Sanitation Systems
- Diarrhea
- Ascariasis
- Cholera
- Hepatitis
- Polio
- Schistosomiasis
- Trachoma
අපි මෙතනදි කතා කරන්නෙ සනීපාරක්ෂාව කියන එක ගැන. සැනිටේෂන් කියන්නෙ සනීපාරක්ෂාව. ඔයාලා හැමෝම දන්නවා අපි හැමෝටම ජීවත් වෙනකොට නිවැරදි සෞඛ්‍ය පුරුදු වගේම නිවැරදි සෞඛ්‍ය රටාවන් තියෙන්න ඕනෙ
අපි බලමු සනීපාරක්ෂාව කියන එක යටතේ මොනවද අපි කතා කරන්නෙ කියලා. මෙතනදි සරල පැහැදිලි කිරීමක් කරනවා නම් සනීපාරක්ෂාව කියන්නෙ සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය හා සම්බන්ධ වෙන දේවල්. ඒ කියන්නෙ පිරිසිදු ජලය සැපයීම, නිවැරදිව ජලය පිරිපහදු කිරීම, අපජලය සහ අපවහනය නිවැරදිව කළමණාකරණය කිරීම වගේ දේවල්. නිවැරදි සනීපාරක්ෂක ක්‍රම හරහා ගොඩක් ලෙඩ රෝග මිනිස්සුන්ට වැළඳෙන එක සහ පැතිරෙන එක නවත්ත ගන්න පුලුවන්කම තියෙනවා
ඊළඟට අපි බලමු ලෝක සෞඛ්‍ය සංවිධානය මේ කතා කරන සනීපාරක්ෂාව කියන එක ගැන මොකද්ද කියන්නෙ කියලා
එයාලා කියන්නෙත් නිවැරදි සෞඛ්‍ය හා සනීපාරක්ෂන ක්‍රම හරහා මුලු ලෝකෙම මිනිස්සුන්ගෙ සනීපාරක්ෂාව සලසන්න ඕනෙ කියලා. අවුරුද්දකට විශාල පිරිසක් මිය යනවා මේ සනීපාරක්ෂාව නොමැති හින්දා. උදාහරණයක් විදිහට ඉන්දියාවේ වැසිකිලි පහසුකම් නැති මිනිස්සු මිලියන ගානක් ඉන්නවා. එහෙම ප්‍රජාවකට ලේසියෙන් ලෙඩ රෝග පැතිරෙන්න තියෙන ඉඩ කඩ වැඩීයි. ඒ වගේමයි මිනිස්සුන්ට අවශ්‍යතා වලට සරිලන විදිහට වැසිකිලි හා කැසිකිලි පහසුකම් සැපයීමත්, නාන සහ රෙදි හෝදන වගේ දේවල් වලට අවශ්‍ය පිරිසිදු ජලය සැපයීමත් සනීපාරක්ෂාව කියන එකේ ප්‍රධාන දේවල්
සමහර රටවල් තියෙනවා වැසිකිලි හා කැසිකිලි වලින් අයින් කරන ජලය සහ අපද්‍රව්‍ය නැවත ප්‍රතිචක්‍රීකරණය කරලා විවිධ දේවල් වලට භාවිතා කරනවා. ශ්‍රී ලංකාවේ තියෙන කණ්ඩලම හෝටලයත් ඒ වගේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ළඟම උදාහරණයක් තමයි පොළොන්නරුව පුරා විද්‍යා බිමේ මේ වෙනකොට ඉදි කරන Eco Toilet System එක. එතනදිත් මේ වගේ ක්‍රියාවලියකින් ඒ අප ජලය දහ අප ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරලා ආයෙත් එක එක දේවල් වලට පාවිච්චි කරනවා. ඒ වගේමයි මේ කියන නිවැරදි සනීපාරක්ෂක දේවල් වලට එක එක රටවල්, එක එක පුද්ගලයන් එක එක විදිහෙ දේවල් පාවිච්චි කරනවා. තාක්ෂණය වගේම නව සොයා ගැනීම් වගේ දේවලුත් යොදා ගන්නවා
ලෝක සෞඛ්‍ය සංවිධානය, එහෙමත් නැත්තන් WHO එකෙන් සනීපාරක්ෂාව කියන එකට අර්ථකතනයක් දීලා තියෙනවා
එයාලා කියන විදිහට සනීපාරක්ෂාව කියන්නෙ මිනිස්සුන්ට එයාලගෙ වැඩ වලට පහසුවෙන් පිරිසිදු ජලය ලබා ගන්න එක, ඒ වගේම මිනිස්සුන්ගෙ මළ පහ සහ මළ මූතා නිවැරදිව කළමණාකරණය කරලා බැහැර කිරීම හෝ ප්‍රතිචක්‍රීයකරණය කිරීම, මිනිස්සුන්ට අවිධිමත් සනීපාරක්ෂක ක්‍රම හරහා වැළදෙන්න පුලුවන් ලෙඩ රෝග අවම කර ගැනීම වගේ දේවල්
එතකොට මොනවද මේ නිවැරදි සනීපාරක්ෂක ක්‍රමවේද නැති උනාම හැදෙන්න පුලුවන් ලෙඩ රෝග?
පාචනය, කොළරාව, හෙපටයිටීස්, පෝලියෝ, ට්‍රැකෝමා වගේ ලෙඩ රෝග මේ හින්දා හැදෙන්න පුලුවන්. පාචනය, කොළරාව වගේ රෝග වසංගත විදිහට පැතිරිලා තියෙනවා
ඉතින් නිවැරදි සනීපාරක්ෂක ක්‍රමවේදයන් සහ සනීපාරක්ෂක පුරුදු හරහා මේ වගේ ලෙඩ රෝග පැතිරෙන එක නවත්ත ගන්න පුලුවන්කම තියෙනවා
Lecture Notes Presented And Posted By Ashain Sudeepa (Admin)
Comments
Post a Comment