THE TESTS THAT ARE DONE ON BRICKS - Construction Materials
N.C.T. CIVIL ENGINEERING (NVQ LEVEL 5)
CONSTRUCTION MATERIAL (SEMESTER 01)
සරලවම.......
සිංහල පැහැදිලි කිරීමක් එක්ක.......
THE TESTS THAT ARE DONE ON BRICKS
ගඩොල් වල අපි කරන පරීක්ෂණ මොනවද කියල මේ ටයිට්ල් එක යටතේ කතා කරන්නෙ
CLAP TEST
If you clap two bricks together, they should make a metalic and clear ringing sound. This test helps you to determine the reaction of bricks against sudden impact
මුලින්ම තියෙනවා Clap Test එක. ඒ කියන්නෙ ගඩොල් දෙකක් අරන් එකට තට්ටු කළාම අපිට එන ශබ්දය අනුව ගඩොල හොඳ තත්ත්වයේ පවතිනවද නැද්ද කියල තීරණය කරන්න පුලුවන්. මේ විදිහට ගඩොල් දෙකක් එකට තට්ටු කළාම මෙටලික් ශබ්දයක් එනව නම් ඒ ගඩොල් හොඳ තත්ත්වයේ පවතිනවා
DROP TEST
Drop the brick from 2m to 3m height and if it does not break, then the brick is of good quality. If the bricks are broken, it indicates low impact value and therefore they are not in good conditions
ගඩොලක් මීටර් 2 ක් හෝ 3 ක් උඩ ඉඳලා ඔලුගල අතට බිමට අත ඇරියම ඒ ගඩොල කැඩෙන්නෙ නැතුව තියෙනව නම් ඒ ගඩොල් භාවිතා කිරීමට සුදුසුයි
SHAPE AND SIZE TEST
All bricks should be of a similar size. Take 20 bricks at random and align them together and form a stack to check
ගඩොල් නියැඳියකින් අහඹු විදිහට ගඩොල් 20 ක් තෝර ගෙන, ඒවා පිළිවෙලට ගොඩ ගහන්න ඕනෙ. එතකොට ඒ ගඩොල් වල ප්‍රමාණය සහ හැඩය වෙනස් නොවී තියෙනවද කියල තීරණය කරන්න පුලුවන්
ABSORPTION TEST
This test is conducted to check the moisture content that is absorbed by bricks under some conditions. First, we have to choose few bricks randomly and should take the weight of each. Then they should be fully immersed in water for 24 hours. After that we have to take them out and should take weight of each again. Then we can find out the moisture content through the equation below. The water absorption should not exceed 20% of weight of the dry brick
ගඩොලක ජලය උරා ගැනීමේ ප්‍රතිශතය දැන ගන්න එක ගොඩක් වැදගත්. මොකද ගඩොල් කියන්නෙ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ වැදගත්ම මැටීරියල් එකක්. අපි මෙතනදි අහඹු විදිහට තෝර ගන්න ගඩොල් කිහිපයක වියළි බර වෙන වෙනම මැන ගන්න ඕනෙ. ඊට පස්සෙ ඒ ගඩොල් පැය 24 ක කාලයක් සම්පූර්ණයෙන්ම ජලයේ ගිල්වලා තියන්න ඕනෙ. එතනින් පස්සෙ ඒ ගඩොල් අරන් නැවතත් තෙත් බර මැන ගන්න ඕනෙ. එතනින් පස්සෙ තෙත් බරෙන් වියළි බර අඩු කරලා, ඒක වියළි බරෙන් බෙදලා, 100 න් වැඩි කළාම ජලය උරා ගැනීමේ ප්‍රතිශතය හොයා ගන්න පුලුවන්. මතක තියා ගන්න ගඩොලක ජලය උරා ගැනීමේ ප්‍රතිශතය, ගඩොලෙ වියළි බරෙන් 20% ට වඩා වැඩි වෙන්න බෑ. එහෙම උනොත් ඒ ගඩොල් භාවිතයට සුදුසු නෑ
PRESENTS OF SOLUBLE SALTS - EFFLORESCENCE TEST
A good brick should not contain any soluble salt in the surfaces. If there are any soluble salt, then they will cause efflorescence on brick surfaces which is not a good quality. In this test, the bricks should be put in water for 24 hours. Then they should dry in room temperature conditions for some time and should check whether there are white and grey patches on the surface. If there, we should measure the area of those deposits and that should be divided by the area of surface. The efflorescence should be less than 0.5. Which means it should not exceed 50% of the surface area
මේ පරීක්ෂණය හඳුන්වන්නෙ හේ බැඳීම සඳහා වන පරීක්ෂණය කියලා. හොඳ ගඩොලක ලවණ වර්ග අධික විදිහට තියෙන්න බෑ. එහෙම තිබුනොත් ඒ ගඩොල් වල හේ බැඳීම සිද්ධ වෙනවා. මේක අපිට බලා ගන්න පුලුවන් මේ විදිහට කරලා. ගඩොල් කිහිපයක් අරන් පැය 24 ක කාලයක් ජලයේ ගිල්වලා තියනවා. ඊට පස්සෙ ඒවා එළියට අරන් කාමර උෂ්ණත්වයේ ටිකක් වෙලා වේලෙන්න තියනවා. එතකොට අපිට බලා ගන්න පුලුවන් ගඩොලේ පෘෂ්ඨය මත සුදු පාටට හරි අලු පාටට හරි පැල්ලම් තියෙනවා. එහෙම නැත්තන් කුඩු පිපිලා තියෙනවා. ඒ පැල්ලම් වල වර්ගඵලය, මුහුණතේ වර්ගඵලයෙන් බෙදුවම 0.5 ට වඩා වැඩි වෙන්නෙ නැත්තන් ඒ ගඩොල් පාවිච්චි කරන්න සුදුසුයි. ඒ කියන්නෙ ගඩොලක හේ බැඳීම 50% ට වඩා වැඩී නම් ඒ ගඩොල් පාවිච්චි කරන්න සුදුසු නෑ
STRUCTURE TEST
In this test, we should take few bricks and should break them into two. Then we have to check whether there are any cracks, defects and holes on the surfaces. A good quality bricks are free from such things
සැකිලි පරීක්ෂාවේදී කරන්නෙ ගඩොල් කිහිපයක් අරන් ඒවා දෙකට කඩනවා. ඊට පස්සෙ ඒ කැඩුනු මුහුණත් පරීක්ෂා කරනවා. ඉරි තැලීම්, පිපිරීම්, කුහර වගේ දේවල් නැත්තන් ඒ ගඩොල් හොඳ තත්ත්වයක තියෙනවා
COLOUR TEST
The colour of a good quality brick should vary from brick red to deep brown, and we have to check whether the bricks have such colours
මේ කියන්නෙ වර්ණ පරීක්ෂාව. මෙතනදි ගඩොල් වල පාට තමයි බලන්නෙ. ඔයාලා දන්නවා හොඳ ගඩොලක තද රතු පාටට හුරු දුඹුරු පාටක් තියෙන්න ඕනෙ. ගඩොල පුරාම මේ වගේ පාටක් විහිදිලා තියෙනවා නම් ඒ කියන්නෙ ගඩොල හොඳ තත්ත්වයක තියෙනවා
CRUSHING STRENGTH - COMPRESSIVE STRENGTH TEST
This test is done by using compressive strength machine. The brick should be put in the necessary place of the machine and should apply the load. Then at some point, the brick could be broken. Then we have to note down that failure load and have to find the crushing strength of the brick. The minimum crushing strength of a brick is 3.5 Nmm~2
මේක කරන්නෙ compressive strength machine එක පාවිච්චි කරලා. ඔයාලා දැකලා ඇති කොන්ක්‍රීට් කියුබ් වල ශක්තිය හොයන්නෙත් මේක භාවිතා කරලා. මෙතනද ගඩොල අදාළ තැන තියලා, ලෝඩ් එකක් ඇප්ලයි කරනවා. එතකොට ගඩොල කැඩිලා යන ලෝඩ් එක සටහන් කර ගෙන ගඩොලේ සම්පීඩන ශක්තිය හොයා ගන්න පුලුවන්. සාමාන්‍යයෙන් ගඩොලක සම්පීඩන ශක්තිය 3.5 Nmm~2 ක් විතර වෙන්න ඕනෙ
HARDNESS TEST
If a brick cannot be broken by crushing with hands, they are in good condition to use. There should not be any finger prints on bricks when they are touched. Upon touching no parts of the brick should break-off
මේ කියන්නෙ ගඩොලේ දැඩි බව පරීක්ෂා කරන පරීක්ෂණය. මෙතනදි අපි බලන්නෙ බොහොම සරල දෙයක්. ගඩොලක් අත් දෙකෙන් අල්ලලා කඩන්න බැරි නම් ඒ ගඩොල හොඳ තත්ත්වයක තියෙනවා. ඒ වගේමයි ගඩොලේ මතුපිට ඇඟිල්පෙන් තෙරපනකොට ඇඟිලි සළකුණු තියෙන්න බෑ. අනික තමයි ගඩොලේ මතුපිට ගැලවෙන්නත් බෑ
මේ වගේ සරල පරීක්ෂාවන් වගේම ටිකක් සංකීර්ණ පරීක්ෂාවන් කරලා ගඩොලක් භාවිතයට සුදුසුයිද කියලා තීරණය කරන්න පුලුවන්. මෙතනදි ඔයාලා හිතනව ඇති ගඩොල් දාහක් ගෙනාවොත් ඒ දාහටම මේවා කරනවද කියලා. එහෙම කරන්නෙ නෑ. තෝරා ගත්ත ගඩොල් කිහිපයකට තමයි මේ විදිහට පරීක්ෂාවන් කරලා බලන්නෙ ඒ ගඩොල් නියැඳී පාවිච්චි කරන්න හොඳයිද නැද්ද කියලා
Lecture Notes Presented And Posted By Ashain Sudeepa (Admin)
Comments
Post a Comment